(උපුටා ගැනීම විදුසර පුවත්පතෙනි)
කෙනකුට එය ආහාරයකි. තවෙකකුට ආගමකි. සියලු වැඩ අතහැර ඇලී ගැලී ගිලී සිටීමට නිමිත්තකි. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මිතුදම් යලි දළුලවන, දුරු රටක සිටින නෑ සියන් යලි ලංකරදෙන සොඳුරු සන්නිවේදකයෙකි. විටක ඔබේ ජීවිත මග පවා වෙනස් කල හැකි නව මිතුදමක් කැන්දා දෙන ආශිර්වාදයකි. සිය හැඟීම් හා ආවේග ප්‍රකාශ කල හැකි නිර්මාණශීලී මාධ්‍යයකි. අයෙකුට සිය අධ්‍යාපනික හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් යොදාගත හැකි ඵලදායි භාවිතාවකි. එසේම ප්‍රබල ඇබ්බැහිකාරකයකි. විටෙක අවාසනාවකට මෙන් කුරුළු කූඩු කඩා ඉහිරවන භයානක ශාපයකි. ඒ අන් කිසිවක් නොවේ නව සහස්‍රයේ පලමු දශකය අවසානයේ මානව සන්නිවේදනයට විශාල බලපෑමක් එල්ල කල ෆේස්‌බුක් (Face book) අන්තර්ජාල මිතුරු සමාජයකි.
2004 වසරේදී හාවඩ් විශ්වවිද්‍යාලයේ සිය මිතුරු කැල සමග අල්ලාප සල්ලාපය සඳහා ෆේස්‌බුක් නමින් වෙබ් අඩවියක් නිර්මාණය කල මාක් යුකර්බර්ග් (Marc Zuckebers) සිසුවා පවා ඉන් සය වසක් ඉක්‌බිති තම හඳුනාගැනීම ලෝකය කළඹවාලනු ඇති බව සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. අන්තර්ජාලය බිහිවීමත් සමග මානව චර්යාවන් හා අන්තර් පුද්ගල සබඳතාවලට (Interpersonal relaticnships) මිතුරු සමාජ (Sacicl
netwcrkins) වෙබ් අඩවිය හා සංවාද (Chat) වෙබ් අඩවි වලින් එල්ල කල බලපෑම සුළුපටු නොවේ. ඒ අතුරින් ෆේස්‌බුක් ප්‍රමුඛස්‌ථානය හිමිකරගෙන සිටින බව අවිවාදයෙන් පිලිගත යුත්තකි. මේ මොහොත වන විට ලොව පුරා මිලියන 500 ක ජනතාවක් (එනම් සෑම 14 දෙනෙකුගෙන්ම එක් අයෙක්) ෆේස්‌බුක් පවුලේ ක්‍රියාශීලී සාමාජිකයෝ වෙති.
ෆේස්‌බුක් භාවිතය පසුපස සැඟවුණු මිනිස් අවශ්‍යතා
ඔබ ෆේස්‌බුක් භාවිත කරන්නේ ඇයි? ඒ සඳහා විවිධාකාර පිළිතුරු තිබිය හැකි ය. කෙසේ වෙතත් ඔබ මේ අන්තර්ජාල මිතුරු සමාජයට බද්ධ වීමට නම් ප්‍රධාන අවශ්‍යතා යුගලයක් සපුරා ලිය යුතු ය. පළමු කොට ඔබට අන්තර්ජාල සබඳතාවක් තිබිය යුතු ය. දෙවැනුව ඒ සඳහා ඕනෑකමක් පැවතිය යුතු ය. අද වන විට ඔබේ ජංගම දුරකථනය ඔස්‌සේ පවා ෆේස්‌බුක් වෙත ගොඩවැදිය හැකි තරමට තාක්‍ෂණය සුහුරු වී ඇත. තාක්‍ෂණය ගම් නියම්ගම් පුරා ව්‍යාප්ත වීමත් සමග ඔබේ ලැප්ටොප් පරිගණකයෙන් ඕනෑ ම තැනක සිට ඕනෑ ම මොහොතක අන්තර්ජාලයට පිවිසීමේ වරම් හිමි වනු ඇත.
එහෙත් ඕනෑකම නමැති සාධකය නිර්ණය කරන තවත් අතුරු සාධක රැසකි. යමකු ෆේස්‌බුක් වෙතින් සපුරා ගැනීමට අපේක්‍ෂා කරන අරමුණු තීරණය වන්නේ ඒ මත ය. එය ස්‌ත්‍රී-පුරුෂ වශයෙන්, ග්‍රාමීය-නාගරික වශයෙන්, අධ්‍යාපන මට්‌ටම අනුව හා වයස් සීමාවන් අනුව විවිධාකාර විය හැකි ය. එසේ ම පුද්ගලයා ගේ පෞරුෂය, සමාජානුයෝජනය, අන්තර් පුද්ලගල සබඳතා ගොඩනඟාගැනීම කෙරෙහි පවත්නා කුසලතා අනුව වෙනස් විය හැකි ය. අපි උදාහරණයක් සලකා බලමු.
වයස 18-25 අතර අවිවාහක පුරුෂයකු ෆේස්‌බුක් වෙතින් බලාපොරොත්තු වන ප්‍රධාන අවශ්‍යතාව යුවතියන් හා සෙල්ලක්‌කාර මිතුදම් ගොඩනඟා ගැනීම විය හැකි ය. වයස 25-30 අතර කාල සමයේ මේ අවශ්‍යතාව තවදුරටත් මුහුකුරා ගොස් වඩා ගැඹුරින් සිතා බලා ස්‌ථිර ජීවන සහකාරිය සොයාගැනීම ප්‍රධාන අරමුණ විය හැකි ය. වයස 30-35 ඉක්‌මවූ විවාහක පිරිමියකු ෆේස්‌බුක් වෙතින් බලාපොරොත්තු වන අවශ්‍යතාව සහමුලින් වෙනස් වූවක් විය හැකි ය. සිය පාසල් වියේ මිතුරන් සහ නිතර හමු විය නොහැකි කාර්යාල සගයන් සමග සබඳතා පැවැත්වීම විය හැකි ය. වයස 50-60 වූ පිරිමියකු සිය පාළුව තනිකම මකාගන්නට දුර රටක සිටින දරු දැරියන් හා ළං වීමට ෆේස්‌බුක් යොදාගන්නවා විය හැකි ය.
එසේ ම ස්‌ත්‍රී පුරුෂ වශයෙන් ද ෆේස්‌බුක් චර්යාවන්හි විවිධත්වයන් හඳුනාගත හැකි ය. නව මිතුරන් හඳුනාගැනීම (Adding Friends) හා ආගන්තුකයන් ප්‍රතිචාර දැක්‌වීම පිළිබඳව පුරුෂයන්ට සාපේක්‍ෂව කාන්තාවෝ ප්‍රතිරෝධීතාවක් දක්‌වති. මේ සඳහා ජෛවවිද්‍යාත්මක පසුබිමක් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. එසේ ම සිය හැඟීම් ප්‍රකාශ කරන ආකාරය හා සම්බන්ධයෙන් ද කැපී පෙනෙන ස්‌ත්‍රී පුරුෂ විවිධත්වයක් පවතින බව ෆේස්‌බුක් හරහා නිරීක්‍ෂණය කළ හැකි ය.
ෆේස්‌බුක්‌හි විවිධ අංගෝපාංගයන් වෙන් වෙන් ව ගෙන ඒවා භාවිතය මඟින් මිනිසුන් බලාපොරොත්තු වන අරමුණු තවදුරටත් විශ්ලේෂණය කර බලමු.
හැඟීම් ප්‍රකාශ කිරීම් හා අදහස් දැක්‌වීම්
(Wall posts yd Status updating)
වයස, අධ්‍යාපන මට්‌ටම අනුව අන්තර්ගතයෙහි වෙනස්‌කම් තිබිය හැකි වුව ද බොහෝ දුරට පුද්ගලයන් පළ කරන ඡදිඑsවල පොදු ලක්‍ෂණ කිහිපයක් හඳුනාගත හැකි ය. මෙයින් බහුතරය තමන් මුහුණ දුන් යම් අත්දැකීමක් නිසා හටගත් ක්‍ෂණික ආවේගයන් ප්‍රකාශ කිරීම් බව නිරීක්‍ෂණය කළ හැකි ය. එය සොම්නස් සහගත මෙන්ම දොම්නස් සහගත ආකාරයේ විය හැකි ය.
කෙසේ වෙතත් සිය අත්දැකීම් අන්‍යයන් හා බෙදාහදා ගැනීම් මිනිසා සතු නිසග ආශාවකි. කලාකරුවන්ට නම් සිය නිර්මාණ තුළින් එබඳු සුවිශේෂී අත්දැකීම් අන්‍යයන් වෙත පළ කිරීමට පුළුවන. එහෙත් ෆේස්‌බුක් තුළින් කාහටත් ඒ හැකියාව ලබා දී ඇත. එසේ ම තම පුරාඡේරුව ප්‍රකාශ කිරීමට ද අතැමෙක් ෆේස්‌බුක් උපාංග භාවිත කරති. තමන් ලබාගත් වෘත්තීය හා අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳව මෙන්ම අත් කරගත් ඉහළ සාමාජිකත්වයන් පිළිබඳ ස්‌වයං ඇගයීම් බොහෝ විට මෙහි පළ වේ. එය ද පුහුදුන් මිනිස් ගතියකි.
තමන් ප්‍රිය කරන කෙනකු සතු යම් ගුණාංගයන් ද මෙහි පළ කරනු දැකිය හැකි ය. සිය පෙම්වතිය හා ජීවන සහකාරියට ඇති ආදරය සියල්ලන්ට පෙන්වීමට, මිතුරන් සිත්ගත් ගුණාංගයක් පළ කිරීමට Posts හා Updates දැක්‌වීම සුලබ ය.
තමන් ගේ අතිශය පෞද්ගලික තොරතුරු අන්‍යයන් සමග බෙදා හදා ගැනීමට ඇති ආශාව intimacy යනුවෙන් හැඳින්වේ. පුද්ගලයකු ගේ පෞරුෂ සාධක (Personality traits)) අනුව ඒ සඳහා යමකු තෝරාගන්නා පිරිස විවිධ වන බව මනෝ විද්‍යා මතයයි. සිය මාපියන්ට වත් නො කියන රහස් හොඳ ම මිතුරාට පමණක් පවසන අය මෙන්ම, පෞද්ගලික ජීවිතයේ සැඟවුණු සියල්ල පැකිළීමකින් තොර ව කා හටත් හෙළිදරව් කරන අය ඇත. ෆේස්‌බුක්‌හි සිය හැඟීම් හා ආවේග ප්‍රකාශනයන් (මෙන්ම ඡායාරූප ආදිය) දැක බලාගත හැකි, හුවමාරු කරගත හැකි පිරිස ඔබට ම තෝරාගැනීමට ඉඩ ලබා දී ඇත.
Comments පළ කිරීම
තම හැඟීම් ප්‍රකාශ කරනවා සේ ම අන්‍යයන් ගේ හැඟීම්වලට සංවේදී ලෙස ප්‍රතිචාර දැක්‌වීම ද තවත් වැදගත් පුද්ගල මනෝභාවයකි. මිනිසුන් ෆේස්‌බුක්‌හි Comments පළ කරන්නේ එම අවශ්‍යතාව වෙනුවෙනි. එය අන්තර් පුද්ගල සබඳතා ගොඩනැඟීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපායි. එසේ කිරීමට පුද්ගලයකුට ඇති හැකියාව Empathy යනුවෙන් මනෝ විද්‍යාවෙහි හැඳින්වේ. (Sensitivity to others feelings and ability to appreciate) Empathy යනු කුසලතාවකි. ඇතැම් තරුණයන් තම සිත ගිය තරුණිය ගේ අවධානය දිනා ගැනීමට දිගින් දිගට ම Comments දමනු දක්‌නට ලැබේ. තරුණිය එය තඹයකට මායිම් නො කරනවා වන්නට පුළුවන. එහෙත් ඇය හැඟීම් වටහා ගනිමින් ප්‍රතිචාරාත්මක ලෙස Comment පළ කරන්නේ නම් තරුණයා සාර්ථක විය හැකි ය. එම හැකියාවට වඩාත් පුළුල් ලෙස Emotional Intelligence යනුවෙන් ද හැඳින්වේ.
Photos Upload කිරීම
ආකර්ෂණීය ලෙස ඡායාරූප පළ කිරීමේ හැකියාව (Upload photos) හා ඒ පිළිබඳ අදහස් දැක්‌වීමේ ඉඩකඩ අනෙකුත් මිතුරු සමාජ වෙබ් අඩවි පරයමින් ජනප්‍රියත්වයට පත් වීමට ෆේස්‌බුක් හට රුකුල් දුන් ප්‍රධාන සාධකයකි. Status
updates ලෙස Share කිරීමක් ලෙස, ඒට කිරීමක් ලෙස හෝ Profile picture ආදී වශයෙන් විවිධාකාරයෙන් ෆේස්‌බුක් ඡායාරූප පළ කිරීම සිදු වේ. ඒවායේ ස්‌වභාවය ඒවා පළ කරන පුද්ගලයන් ගේ මනෝභාවයන් වටහා ගැනීමට හොඳ ප්‍රවේශයකි.
Profile pictures හැර ෆේස්‌බුක්‌හි පළ කරන අනෙකුත් බොහොමයක් ඡායාරූප ප්‍රධාන වශයෙන් කාණ්‌ඩ 2කට බෙදා දැක්‌විය හැකි ය. ඒ පාසලේ, විශ්වවිද්‍යාලයයේ හෝ කාර්යාලයේ සිදු වූ පොදු වශයෙන් වැදගත් සිදුවීම් හා පවුල, ළඟ ම මිතුරන් හෝ සහකරු, සහකාරිය සම්බන්ධව සිදු වූ පෞද්ගලික වශයෙන් වැදගත් සිදුවීම් වශයෙනි. මිනිස් සමාජය තුළ මතක සැමරුම් වශයෙන් ඡායාරූපවලට විශේෂ තැනක් හිමි වේ. ඒවා අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීම අපේ නිසග ආශාවකි. අප ඒවා රාමු කර විසිත්ත කාමරයේ තබන්නේත්, ඇල්බමයක දමා අමුත්තන්ට පිළිගන්වන්නේත් එබැවිනි. අද ෆේස්‌බුක් තුළින් ප්‍රකාශ වන්නේ ද එම මානසිකත්වයයි. සිය පාසල් වියේ, බාල වියේ මතක සටහන් ඇතුළත් ඡායාරූප ද ෆේස්‌බුක් තුළ නිතර දක්‌නට ලැබේ. සුන්දර මතකයන් පිළිබඳ අතීතාවර්ජනය ((Flash back)) තවත් මිනිස් අවශ්‍යතාවකි.
Profile Picture ද ප්‍රධාන ආකාර කිහිපයකින් දක්‌නට ඇත. තනි ඡායාරූප, යුගල ඡායාරූප, සමූහ ඡායාරූප, ජනප්‍රිය තරුවක ඡායාරූප, කාටුන් හෝ මන(කල්පිත ඡායාරූප හා පුද්ගල නො වන වෙනත් ඡායාරූප වශයෙනි. ෆේස්‌බුක් තුළ ඔබේ හඳුනාගැනීමේ රුව කිසිදු සීමාවකින් තොර ව කා හටත් නැරඹිය හැකි බැවින් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව ඉතා පරිස්‌සම් වෙති.
යොවුන් වියේ විශේෂයෙන් ම තරුණයන් සැබෑ ජීවිතයේ තමන් අත් නො විඳින අසාමාන්‍ය ප්‍රතිරූප මවා ගැනීමට යත්න දැරීම සුලබව දැකගත හැකි ය. සමූහ ඡායාරූප සම්බන්ධයෙන් විමසන විට එයින් සියයට අනූවක් පමණ තරුණයන් ගේ බව හඳුනාගත හැකි ය. තනි ඡායාරූප යම් අයථා ක්‍රියාවන්ට යොදා ගනු ඇතැයි පවත්නා බිය මීට හේතු වේ. යුගල ඡායාරූප (එනම් සිය සහකරු සමග) පළ කිරීම තමා සිය බිරිඳට, සැමියාට, නැතිනම් පෙම්වතියට, පෙම්වතාට ආදරය කරන බව මිතුරන්ට පෙන්වීමට යොදා ගන්නා භාවිතාවක් ලෙස මෙන්ම ලිංගික විකර්ෂණය සඳහා යොදා ගන්නා පණිවිඩයක් ලෙස ද හඳුනාගත හැකි ය. එනම් විරුද්ධ ලිංගිකයන්ට සිය මිත්‍රත්වයේ සීමා ඉරක් පවත්නා බව හඟවන පණිවිඩයකි.
Adding Friends
ආගන්තුකයකු සමග හෝ නැතිනම් දැනටමත් දන්නා අයකු සමග නව මිතුදම් ගොඩනඟා ගැනීම සම්බන්ධව (Adding Friends) පිරිමින් හා කාන්තාවන් දක්‌වන වෙනස්‌කම් පිළිබඳව ඉහත දී කතා කෙරිණි. වයස අනුව ද ඒ සඳහා දක්‌වන පෙලඹුමෙහි වෙනසක් දැකිය හැකි ය. යොවුන් වියේ දී සමාජානුයෝජනය සඳහා වන ප්‍රතිරෝධී සාධක නිසා කිසිදු වග විභාගයකින් තොර ව උපරිම මිතුරන් සංඛ්‍යාවක් ඇති කරගැනීම ස්‌වාභාවික ය. එහෙත් වයසින් මුහුකුරා යත් ම සිය ජෛව සාමාජීය අවශ්‍යතා වෙනුවෙන් පමණක් මිතුදම් සීමා කරගැනීමට මිනිසුන් පෙලඹෙන හෙයින් ෆේස්‌බුක් ගිණුම්වල ද වයස හා මිතුරන් ලැයිස්‌තුවේ දිග අතර ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකයෙකි. ආගන්තුක මිතුරු ආරාධනයකට (Friend request) ප්‍රතිචාර දැක්‌වීම සම්බන්ධව ද බලපාන පෞරුෂ සාධක ඇත. තමන් කිසි දා නො දන්නා අයකු ගෙන් ලැබෙන ආරාධනා එකවර පිළිගන්නා අය මෙන්ම, යම් තීක්‍ෂණ විමසීමකින් පසු පිළිගන්නා අය ද, කිසි ලෙසකින් වත් නො පිළිගන්නා අය ද ෆේස්‌බුක්‌හි හමු වේ.
Games
පරිගණකය ගෘහභාණ්‌ඩයක් බවට පත් වීමත් සමග වයස් භේදයකින් තොර ව මිනිසුන් ඒ ඉදිරියේ වැඩි ම වේලාවක් සමාධිගත කළ සාධකය පරිගණක ක්‍රීඩා බව අවිවාදයෙන් ම පිළිගත යුතු කරුණකි. ෆේස්‌බුක් ආගමනයත් සමග පරිගණක ක්‍රීඩා කළ හැකි Farmville, Barn Buddy ආදිය අද ජනප්‍රියතම පරිගණක ක්‍රීඩා බවට පත් ව ඇත. මින් පෙර පැවැති පරිගණක ක්‍රීඩා සියල්ල ම පාහේ හුදෙකලාව පරිගණක වැඩසටහනක් සමග පමණක් කළ යුතු ක්‍රියාකාරකම් විය. එහෙත් මිනිසා ක්‍රීඩාවක යෙදීම මඟින් සැබෑ තෘප්තියක් ලබන්නේ තරගකාරීත්වය, අනෙකා සමග සසඳුවක යෙදෙමින් ඔවුන් පරයා යැම ආදී ගුණාංග නිසාවෙනි. මෙතෙක් පරිගණක ක්‍රීඩාවලට අඩුපාඩුව පැවැති මේ මිනිස් අවශ්‍යතාවන් ෆේස්‌බුක් ක්‍රීඩාවන් හරහා අත්විඳින්නට හැකියාව ලැබී තිබේ.
Other applications
ඇනීටා ගේ අනාවැකි පළ කිරීම, Life box ඔබේ සිත ආදරවන්න දැයි සෙවීම ආදී Fancy applications රැසක් ෆේස්‌බුක්‌හි අන්තර්ගත ය. එහි ජනප්‍රියත්වය ඉහළ නැංවීමට විශාල ලෙස දායක වී ඇති මේ භාවිතාවන් වැඩිපුර ඇසුරු කරන්නේ යෞවනියන් බව නිරීක්‍ෂණය කළ හැකි ය. තමන් ගේ හැඟීම් අන්‍යයන් වෙත පළ කරනවාට වඩා තමා වෙත ම නැඹුරු වූ මනසකින් ඒ පිළිබඳ ස්‌වයං ඇගයීම් කිරීම ස්‌ත්‍රී මනෝභාවයකි.
ෆේස්‌බුක් තුළින් හෙළි වන
පුද්ගල මනෝභාවයන්
මිනිසා සන්නිවේදනය සඳහා භාවිත කළ ක්‍රමවේදයන්හි විකාශනය මානවයා ගේ සාමාජීය පරිණාමය නිර්ණය කළ ප්‍රමුඛතම සාධකය විය. අද වන විට ෆේස්‌බුක් විසින් මිනිස් සිතුම් පැතුම් හා සමාජීය සබඳතා කෙරෙහි ඇති කරනු ලබන්නා වූ බලපෑම් පිළිබඳව සමාජ විද්‍යාඥයන් උනන්දු වන්නට පටන්ගෙන ඇත. මේ මිතුරු සමාජ වෙබ් අඩවිය මානව චර්යාවන් හා මනෝභාවයන් පිළිබඳව අධ්‍යයන කරන්නකුට අගනා විද්‍යාගාරයක් වී ඇත.
මිනිසා සමාජීය සත්ත්වයෙකි. (Social
animal) සමූහයක් වශයෙන් එක් වීම හා එතුළ ගොඩනැඟුණු සබඳතා මිනිස් පරිණාමය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේ ය. කණ්‌ඩායමක් ලෙස ජීවත් වීමෙන් මනවයා බලාපොරොත්තු වූ ප්‍රාථමික අවශ්‍යතා කිහිපයකි. එනම් ආහාර සපයා ගැනීම, ආරක්‌ෂාව සලසා ගැනීම හා ප්‍රජනනයයි. බුද්ධියෙන් මුහුකුරා යත් ම පුද්ගල අනන්‍යතාවක් ගොඩනඟා ගැනීම, පෞරුෂ වර්ධනය ආදිය ද මානවයා ගේ අවශ්‍යතා ගොන්නට එක් විය. එහෙත් සමූහ ගොඩනැඟීමකට නූතන සමාජ-ආර්ථික රටාව තුළ ලැබෙන ඉඩකඩ අල්ප ය. ඊට හොඳ ම විකල්පය වී ඇත්තේ අන්තර්ජාලයයි. පසුතලය වෙනස් වුව ද මිනිසා ගේ මූලික අවශ්‍යතා ඒ ආකාරයෙන් ම පවතී. ආහාර සපයා ගැනීම, ආර්ථික ශක්‌තිය ගොඩනැඟීම ලෙසට වෙනස් වී ඇත. (මුදල් ඇත්නම් ආහාර මිල දී ගත හැකි ය.) ෆේස්‌බුක් තුළ මෙවැනි අවශ්‍යතා සපුරාගැනීමට යත්න දරන මානවයන් නිතර දැකිය හැකි ය.
ෆේස් බුක් තුළ ව්‍යාජ අනන්‍යතාවකින් පෙනී සිටීම Virtual living ලෙසින් හැඳින්විය හැකි ය. විවිධ අය විවිධ අරමුණු උදෙසා මෙසේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරති. තමන් මවාගත් මනෝකල්පිතයන් තුළ (fantasies) ජීවත් වීමට ඇති ආශාව, වින්දනයනක් ලැබීම සඳහා හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් අනෙක් අය රැවටීම මේ සඳහා හේතු වන ප්‍රධාන සාධක ලෙස හඳුනාගත හැකි ය. මේ ව්‍යාජ අනන්‍යතාවන් ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ. ඇතැමෙක් සැබෑ ම පුද්ගලයෙකු ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පෙනී සිටින අතර තවෙකෙක් බැලු බැල්මට අතාත්වික යෑයි වටහාගත හැකි (මහල්ලකු වෙසින් පෙනී සිටීම හෝ කාටුන් චරිතයක නමින් පෙනී සිටීම) ගිණුම් නිර්මාණය කොටගෙන ෆේස්‌බුක් තුළ සැරිසරති.
තාත්වික ජීවිතයේ දී තමන්ට ළඟා විය නොහැකි තත්ත්වයන් අත් කර ගැනීමට දවල් සිහින දැකීම සාමාන්‍ය පුද්ගල මනෝභාවයකි. මෙතෙක් කල් ඒ සඳහා ඉඩ ලැබුණේ මනස තුළ පමණි. එහෙත් ෆේස්‌බුක් තුළින් සයිබර් අවකාශය තුළ එම සිහින ප්‍රතිරූපයන් මවා ගැනීමට අද මිනිසුන්ට ඉඩ ලැබී ඇත. මෙය Image Formation ලෙසින් ද හැඳින්වේ. ආකර්ෂණීය පුද්ගලයකු ගේ ඡායාරූපයක් සිය හඳුනාගැනීමේ රුව ලෙස යොදාගනිමින්, තම ජීව දත්ත සටහන්, Wall post yd Status updates ආදිය තුළින් නැති තත්ත්වයන් මවා ගැනීමට උත්සාහ කරන (වඩා සරලව කියන්නේ නම් ෆේස්‌බුක් තුළ "පොරක්" වීමට උත්සාහ දරන) පුද්ගලයන් අනන්ත වත් අපට හමු වේ.
එසේ ම ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ (සිනමා තරු, ක්‍රීඩකයන්) නමින් විවෘත කර ඇති ෆේස්‌බුක් ගිණුම් සුලබ ය. තමන් අතිශය ඇලුම් කරන නළුවකු ගේ නිළියක ගේ, වෙනත් තරුවක ගේ චරිතය ආරෝපණය කර ගැනීම උන්මාදනීය රසිකයන් වෙතින් දක්‌නට ලැබෙන සුලබ ප්‍රතිචාරයකි. බෙකම් ලෙස කොණ්‌ඩය කැපීමටත්, ෂාරුක් ලෙස ඇවිදීමටත් ඇතැම් අය පෙලඹෙන්නා සේ ම ෆේස්‌බුක් තුළින් අදාළ චරිතයට ම පිවිසීමට ඔබට හැකි ය. (එබඳු අහිංසක තෘප්තියක් ලබන අය සිටින අතරේ ම) විවිධ ජනප්‍රිය අයවලුන් ගේ නමින් ෆේස්‌බුක් ගිණුම් අරඹා අදාළ පුද්ගලයා ගේ කීර්ති නාමයට හානිකර විය හැකි දේ පළ කරන අවස්‌ථා ද ඇත. ඇතැමුන් මෙය පළිගැනීමේ භාවිතාවක් ලෙස ද යොදාගෙන ඇත. තමන් ගේ ප්‍රේමය ප්‍රතික්‌ෂේප කළ තරුණියන්ට රිදවීමට ඇගේ නමින් ෆේස්‌බුක් ගිණුමක් අරඹා ඇය ගණිකාවක ලෙසට හඳුන්වා දීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳව පසුගිය දා වාර්තා විය.
තමන්ට සැබෑ ජීවිතයේ දී ලබාගත නොහැකි ආදරය, අවධානය ව්‍යාජ අනන්‍යතාවක් ඔස්‌සේ අහිංසක ලෙස ෆේස්‌බුක් තුළින් ලබාගන්නා මිනිසුන් මෙන්ම ව්‍යාජ අනන්‍යතාවක් තුළිsන් සබඳතා ගොඩනඟාගෙන අසරණ තරුණියන් ගේ "සියල්ල" නැති කර දමන පාදඩයෝ ද සිටිති. එහෙත් මෙය විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙසට ලඝූ නො කොට ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි මනෝභාවයකි. "දොස්‌තර ජෙනල් හා මිස්‌ටර් හයිඩ්" වර්ගයේ ද්වි අනන්‍යතාවක් සහිතව ජීවත් වීම තුළින් යම් තෘප්තියක් ලබන මිනිස්‌සු සිටිති. කිසිදු වෙනත් අරමුණක් නැති වුව ද තමන් ගේ සැබෑ චරිත ලක්‍ෂණයන්හි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වූ අනන්‍යතාවක් මවාගෙන එතුළ ජීවත් වී වින්දනයක් ලැබීමට පෙලඹීම මොවුන් ගේ ස්‌වභාවයයි.
මෙය මානසික රෝගයක් නො වේ. මනෝ වෛද්‍ය විද්‍යාවේ මෙවැනි තත්ත්ව විග්‍රහ කෙරෙන්නේ මානසික අවවර්තන ((Psychalogicol deviations) ලෙසිනි. මෙහි වඩා උග්‍ර අවස්‌ථාවක් ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයකු (ස්‌ත්‍රියක් පුරුෂයකු ලෙස හෝ පුරුෂයකු ස්‌ත්‍රියක ලෙස හෝ) හැසිරී. තෘප්තියක් ලැබීම හැඳින්විය හැකි ය. ඇඳුමින් පැළඳුමින්, හැසිරීමෙන් විරුද්ධ ලිංගිකයන් අනුකරණය කිරීම යම් රෝග තත්ත්වයක් ලෙස දැක්‌වේ. ෆේස්‌බුක් තුළ ද මෙවැනි අය හමු වේ. එසේ ම අන්තර්ජාලය තුළ විවිධ පුද්ගලයන් දක්‌වන චර්යාවන් මඟින් ඔවුන් තුළ සැඟව පවත්නා පෞරුෂය සම්බන්ධ මානසික රෝග තත්ත්ව ((Personality disorders) හඳුනාගත හැකි බව මනෝ වෛද්‍යවරුන් ගේ මතයයි.
Exhibitionism යනු ශරීරයේ රහස් තැන් අන්‍යයන්ට නිරාවරණය කිරීම මඟින් වින්දනයක් ලබන මනෝ ව්‍යාධි තත්ත්වයකි. එබඳු අන්තවාදී තත්ත්වයකට ගමන් නො කළ ද තමන් ගේ අතිශය පෞද්ගලික තොරතුරු හා ඡායාරූප (තමන් ජීවත් වන සමාජයේ සම්මතයනට අනුව ප්‍රසිද්ධියේ පළ කිරීමට නොහැකි යෑයි පිළිගන්නා දේ පවා) දිගින් දිගට ම ෆේස්‌බුක්‌හි පළ කරන අය දක්‌නට ලැබේ. එය යම්කිසි මානසික අසමබරතාවක් වශයෙන් මනෝවිද්‍යාඥයෝ විග්‍රහ කරති. පොදුවේ මිතුරන්ට වැදගත් නැති වුව ද, අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි රුකුල් නො දුන්න ද එබඳු දෑ අන්‍යයන්ට ප්‍රදර්ශනය කිරීම මඟින් ඔවුහු ස්‌වයං තෘප්තියක් ලබති.
අද ෆේස්‌බුක් වෙත එල්aල වන ප්‍රමුඛ චෝදනාවක් වන්නේ එය ප්‍රබල ඇබ්බැහිකාරකයක් වී ඇති බව ය. ඇබ්බැහි වීම (Addiction) අර්ථ දක්‌වා ඇත්තේ කායික, මානසික හා සමාජීය යහපැවැත්මට හානිකර භාවිතය යනුවෙනි. එය මානසික සමබරතාවට හා සැබෑ ජීවිතයේ දී ඔබ පවත්වාගෙන යන සබඳතාවලට හානිකර විය හැකි ය. බොහෝ සේවා ස්‌ථානවල, කාර්යාලවල මෙන්ම විශ්වවිද්‍යාලවල අන්තර්ජාලය ඔස්‌සේ ෆේස්‌බුක් වෙත පිවිසීමට ඇති ඉඩ අහුරා ඇත. රටක් වශයෙන් ෆේස්‌බුක් තහනම් කළ රජයයන් ද ඇත. එහෙත් එබඳු දැඩි පියවරකට යැම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ද වේ.
ෆේස්‌බුක් හා පුද්ගල මනෝභාවයන් පිළිබඳව විමසීමේ දී එය දේශපාලන මතවාදයක් ගොඩනැඟීම කෙරෙහි ඇති බලපෑම නො තකා හැරිය නොහැකි ය. Social netwok වෙබ් අඩවියක් ලෙස ෆේස්‌බුක් සතු බලවත් බව මෙයින් මොනවට පැහැදිලි වේ. 2008 ඇමෙරිකානු ප්‍රාන්ත මැතිවරණය ඊට හොඳ ම උදාහරණයයි. විවිධ අපේක්‍ෂකයන් ගේ ප්‍රකාශ ෆේස්‌බුක් වෙත පළ කරමින් පුළුල් අන්තර්ජාල සංවාදයකට ඉඩ ලබා දී තිබිණි. ඇතැම් මුල් පෙළේ අපේෂකයන් සිය ප්‍රධාන ප්‍රචාරක ක්‍රමවේදයක් බවට ෆේස්‌බුක් පත් කරගෙන සිටි බව ඔවුන් ම පසුව හෙළිදරව් කර තිබිණ. වෙනදාට අපේක්‍ෂකයා කියන දේ පමණක් අසා සිටි ඡන්දදායකයන්ට ඒ පිළිබඳ තමන් ගේ අදහස් පළ කිරීමටත්, ඒවා අන්‍යයන් ගේ මතවාද සමග ගැටීමට ඉඩ ලබා දීමටත් ෆේස්‌බුක් නව පන්නයේ සංවාද මණ්‌ඩපයක් බවට පත් ව තිබිණ.
ශ්‍රී ලංකාවේ පැවැති අවසන් මැතිවරණ කිහිපයේ දී සැලකිය යුතු තරම් බලපෑමක් නො කළ ද පසුගිය වසර දෙකක කාලය තුළ යුරෝපාකරයේ පැවති මැතිවරණ
රැසක තීරක බලවේගයක් බවට ෆේස්‌බුක් පත් ව තිබූ බව මැතිවරණ නිරීක්‍ෂකයන් ගේ වාර්තාවල සඳහන් කර තිබිණ.
My Notebook
Tuesday, October 19, 2010
Saturday, September 25, 2010
criss angel ගෙ නියම මැජික් ටිකක් ......
ඔන්න කාලෙකින් බ්ලොග් post එකක් දාන්නත් බැරි උනා. එකටත් එක්ක ඔන්න මම අද මැක්සා මැජික් ටිකක් ගෙනාවා. මෙයාගෙ නම criss angel. සමහර අය නම් දන්නවත් ඇති. මෙයා නම් නියම වැඩකාරයෙක් කියලයි මේ මැජික් බලන ඕන කෙනෙකුට හිතෙන්නෙ. ඔන්න එහෙනම් මැජික් ටික බලබමුකො....
මෙන්න මෙයා වතුරෙ ඇවිදිනවා... හිතාගන්න බැ නෙද?
මෙන්න පියාඹනවා....
මේ දෙක බැලුවහම හිතා ගන්න පුලුවන් නේද පොරගෙ වැඩ කොහොමද කියලා. මම දැම්මෙ දෙකයි වුනාට තවත් criss ගෙ විවිධ වර්ගයේ මැජික් සිය ගනනක් youtube එකේ තියෙනවා. criss angel කියල search පාරක් දැම්මම ඔන තරම් තව හොයාගන්න පුලුවන්. මේ මැජික් ගැන ඔයාලගෙ මතය කියල comment පාරකුත් දාගෙන යන්න හොදේ....
මෙන්න මෙයා වතුරෙ ඇවිදිනවා... හිතාගන්න බැ නෙද?
මෙන්න පියාඹනවා....
මේ දෙක බැලුවහම හිතා ගන්න පුලුවන් නේද පොරගෙ වැඩ කොහොමද කියලා. මම දැම්මෙ දෙකයි වුනාට තවත් criss ගෙ විවිධ වර්ගයේ මැජික් සිය ගනනක් youtube එකේ තියෙනවා. criss angel කියල search පාරක් දැම්මම ඔන තරම් තව හොයාගන්න පුලුවන්. මේ මැජික් ගැන ඔයාලගෙ මතය කියල comment පාරකුත් දාගෙන යන්න හොදේ....
Tuesday, September 7, 2010
පරිගණකය වේගවත් කරමු...
මම ඔන්න අද කියන්න යන්නේ පරණ computer එහෙම පාවිච්චි කරන කට්ටියට හොද tool එකක්. මේකෙන් ඔයාලගේ procceser එකේ speed එක තාවකාලිකව වැඩි කරගන්න පුලුවන්. හැබැයි cpu එක වැඩිපුර රත් වෙනවා. fan එහෙම හොදට වැඩ කරනවනම් අවුලක් නැ. එහෙනම් මේක බාගෙනම බලන්න.
මෙතනින් බාගන්න
මෙතනින් බාගන්න
විශ්වයේ හැඩය කුමක්ද?
ඇත්ත්ටම ව්ශ්වයේ හැඩය කුමක්ද? විශ්වයක් කි විට අපට හැගෙන්නේ අනන්තය දක්වා විහිදී ගිය පදාර්ත වල එකතුවක්. ඇත්ත්ටම විශ්වයට හැඩයක් තිබේද? මන්දාකිනි පොකුරු අවට අවකාශය පදනම් කර ගනිමින් වක්‍ර ගුරුත්වයක් නිර්මානය වී තියෙනවා. මේ නිසා මුලු විශ්වයටම වක්‍ර හැඩයක් තිබේ යැයි උපකල්පනය කරන්න පුලුවන්. කලු කුහරයක් අදික ගුරුත්ව බලයෙන් යුක්ත වේනවා. ඒ එහි අධික ස්කන්දය හේතු කොට ගෙනයි.මේ නිසා අවට අවකාශය වක්‍ර කෙරෙමින් ආලෝකයට පවා විනිවිද යැමට ඉඩ නොදෙයි. මේවා කලු කුහර ලෙසින් හදුන්වන්නෙ මෙ නිසායි.ඒ ආකාරයෙන්ම මුලු විශ්වීය ගුරුත්වයම එක් වු කල විශ්වයට වක්‍ර හැඩයක් ලැබීමට පුලුවන්.අයින්ස්ටයින්ගේ තර්කනය අනුව විශ්වයේ ගනත්වය මෙහිදී ප්‍රදාන භුමිකාවක්.සේකෙ වුවද විශ්වයට වෙනත් වක්‍රතාවයන්ද තිබිය හැකි බව අපට පිලි ගැනීමට සිදු වේනවා. ඔයගොල්ලොත් විශ්වයේ හැඩය මොනවගේ වේවිද කියලා ටිකක් හිතල බලන්න....
Sunday, September 5, 2010
බුදුදහම හා විද්‍යාව කෙසේ සන්සන්දනය කල හැකිද?
ඔන්න මම අද වෙනස්ම මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.ඇත්තටම බුදුදහම හා විද්‍යාව සන්සන්දනය කරන්න පුලුවන්ද? මේක ගැන විවිද අය විවිධ මත දරනවා. බුදු දහම යනු ද‍්රශනයක්. විද්‍යාවත් දර්ශනයක්ද? විද්‍යාව ක්‍රමයෙන් දියුනු වෙමින් යන්නක් . එහි කෙලවරක් නැහැ. අනන්ත්ය තෙක් පැතිර යන්නක්. බුදු දහමෙන් කත කරන්නෙ ආධ්‍යාත්මික වශයෙන් ගනු ලබන සත්යක් පිලිඹදවයි. විද්‍යාවේදි මුලික වන්නේ අංශුවයි. නමුත් බුදු දහම අංශුවක් පිලි නොගනි. පදාර්තය යන්න බුදු දහමට අදාල නොවේ. මුලික වශයෙන් ගත් කල බුදුදහම සත්‍ය හඹා යයි. විද්‍යාව හඹා යන්නේ දැනුමයි.විද්‍යාව ද සත්‍ය හඹා යන බව කෙනෙකුට සිතෙන්නට පුලුවන. නමුත් විද්‍යාවේ සත්‍ය යන්න කාලයෙන් කාලයට වෙනස් වේ. අද සත්‍ය යැයි පිලිගන්නා යම් සිද්ධාන්තයක් හෙට වෙනස් විය හැක. එනම් එය කාලයට සාපේක්ශය. නමුත් බුදු දහම කාලයට නිරපේක්ශය. බුදු දහම කිසිවකට සාපේක්ශ නොවේ. එය නිර්පේක්ශ ධර්මතාවයකි. හුදෙක් තර්කනය සදහා නිර්මානය වු දර්ශනයක් එහි නොමැත. බුදුදහම මෙන්ම විද්‍යාවද ජීවය මත පදනම් වුවකි. එය අප පිලිගත යුතුය. නමුත් එමගින් කියවෙනු ලබනුයේ ජීවය නොමාති නම් බුදු නොමතිය යන්න පමනක්ද?
Friday, September 3, 2010
internet වේගවත් කරමුද?
ඔන්න මම අද ගෙනාවෙ internet වේගවත් කරන සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම surfstream. මේකෙන් කරන්නෙ වෙනම proxy server එකක් හදන එකයි. අපි සයිට් එකකට ගියාට පස්සෙ ඒකෙ තියෙන පින්තූර සහ අනෙකුත් දේවල් හාඩ් එකේ save කර ගන්නවා. ඒකෙන් වෙනම data bace එකක් හදනවා. පස්සෙ අපි නැවත අපි කලින් ගියපු සයිට් එකකට යනකොට ආයෙත් මුල ඉදලා load වෙන්නෙ නැහැ. ඉක්මනටම load වෙනවා. ලංකාවෙ internet දිහා බැලුවම නම් මේක හැමෝටම වැදගත් බවයි මට නම් හිතෙන්නෙ. මේකෙන් අපේ data ප්‍රමානය ඉතුරුකරගන්න පුලුවන් වීමත් ලොකු වාසියක්. ආ.. මේක ඉන්ස්ටොල් කරල විතරක් මදි. proxy settings හදන්නත් ඔනි. ඒක කරන්නෙ මෙහෙමයි.වැඩිපුරම කස්ටිය use කරන්නෙ firefox නිසා firefox වලින්ම settings හදමු.
tools > options > advance > network > settings > manual proxy configuration තොරන්න. HTTP proxy port එකට1975 දෙන්න. දැන් හරි.. එහෙනම් ඔන්න software එක බාගෙනම බලන්නකෝ.... මෙතනින් බාගන්න
google දෙය්යන්ගෙන් අහල බැලුවොත් crack එකක් හොයාගන්න බැරි කමකුත් නැ....
tools > options > advance > network > settings > manual proxy configuration තොරන්න. HTTP proxy port එකට1975 දෙන්න. දැන් හරි.. එහෙනම් ඔන්න software එක බාගෙනම බලන්නකෝ.... මෙතනින් බාගන්න
google දෙය්යන්ගෙන් අහල බැලුවොත් crack එකක් හොයාගන්න බැරි කමකුත් නැ....
tune up 2010 හැමදේම එකම තැනකින්....
TuneUP කියන්නේ පරිගණකයේ දෝශ නිරාකරනයටත් අලුතින් දේවල් අත්හදා බැලිමටත් පරිගණකයේ වේගය නිසි අයුරින් පවත්වා ගැනිමටත් නිර්මාණය කරන ලද ඉතා විශිෂ්ට ගනයේ software එකක්. මම මේක 2007 වර්ශන් එකේ ඉදන්ම පාවිච්චි කරල තියෙනවා. සමහර අය නම් මේක ගැන දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නයි මේක ලිව්වෙ. windows Customizes කරන්නත් පුලුවන්.ඔයාලත් බාගෙනම බලන්න.
http://www.9down.com/TuneUp-Utilities-2010-v9-0-2000-16-Full-Serial-263503/
වැඩි විස්තර ඕනෙ නම් මේ සයිට් එකට යන්න http://www.tune-up.com
http://www.9down.com/TuneUp-Utilities-2010-v9-0-2000-16-Full-Serial-263503/
වැඩි විස්තර ඕනෙ නම් මේ සයිට් එකට යන්න http://www.tune-up.com
Subscribe to:
Posts (Atom)